2017 මැයි 27 වන සෙනසුරාදා

ලොකු ඇමැතිට ලොකු ලෙඩක්

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 935

ආණ්ඩුවෙ නොයෙක් විෂයන් භාර කැබිනට් ඇමැති මහත්තුරු කැඳවන රැස්වීම්වලට නොයන එක්තරා මහ ඇමැති මට්ටමේ කෙනෙක් ඉන්නවලු.

රටේ පොහොසත්ම පළාත භාරව මෑතකදී පත්වුණු මේ මහ ඇමැති තැන අනෙක් ඇමැතිලා කෙසේවෙතත් පළාත් විෂය භාර ඇමැතිගෙ කැඳවීමකටවත් යන්නෙ නැතිලු... උන්නැහේගේ මේ අණක් ගුණක් නැති වැඩපිළිවෙළ ගැන පසුගියදා රට පාලනය කරන ලොකුම මණ්ඩලේදි කතාවක් ඇදිල...

කතාව මුලින්ම පටන් අරන් තියෙන්නෙ මාර්ෂල් තුමාලු. ඊළඟට මෙගා පොලිස්තුමා. ඊටත් පස්සෙ විෂය භාර ලොක්ක. තුන් හතර දෙනාම රටේ ලොකු තැන ඉස්සරහ මහ ඇමැති තැනගෙ කෙරුවාව පතුරු ඇරියලු.

ඇමැතිවරුන්ගේ මේ පැමිණිල්ල තදින් ගණන් ගත් ලොකු මහත්තය මීටපස්සෙ වරක් පළාත් ආණ්ඩුකාර තැන හරහා නියෝග යවන්න කියලා දැන්නුවලු... ඒ නියෝගයත් කඩකළොත් දෙඤ්ඤම් බැටේ කියලත් කීව කියල ආරංචියි.