2023 පෙබරවාරි 12 වන ඉරිදා

ලොකු පුටු ප්‍රශ්නයක්

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 582

යහපාලනේ හිටපු ලොකු තැන ආයේ රටේ ලොකු තැන, වෙන්න යන එක ගැන දුන්න ප්‍රකාශයට එයා එක්ක එකට හිටිය පක්ෂවලට මාර ප්‍රශ්නයක් වෙලාලු. මොකද මේ ජනාධිපති හීනේ දකින ජෙල් ගා ගත්ත හාදයෙක් ඉන්න නිසා එක අත්තේ කුරුල්ලෝ දෙන්නෙක්ට රජ කරන්න බැරි තත්ත්වයක් ඇවිල්ලලු තියෙන්නේ. කොහොම වුණත් දැනටම එයාගේ මේ කතාව හෙලිකොප්ටර කණ්ඩායම ප්‍රතික්ෂේප කරන්න අරන්ලු තියෙන්නේ. ඒක එයාලගේ කැමැත්ත නෙමේ කියලා.

ජෙල් ගාගත්ත හාදයටත් යකා වැහිලලු, එයාට බාල්දිය පෙරළන්න එනවා කියලා. කෝම වුණත් ඉක්මනින් මේක වේදිකාවේ සැරට විසඳගන්නලු යන්නේ. එහෙම වුණත් හිටපු ලොකු තැනට රටේ තැන නෙමේ ඉන්න තැනත් නැති කරනවා කියලා ඒ අය කතාවුණාලු.