2023 ජනවාරි 22 වන ඉරිදා

හතරක් පනින්න යනවලු

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 499

පොහොට්ටු පක්ෂයෙන් ආණ්ඩුවට එකතුවෙලා ඉන්න මන්ත්‍රී ගොල්ලන්ගෙන් හතර දෙනෙක් විතර ආණ්ඩුවට ආයුබෝවන් කියන්න සූදානම් වෙන බවට තොරතුරක් හුවමාරු වෙන්න පටන් අරන්....

මෙයාල ආණ්ඩුවට ආයුබෝවන් කිව්වට පොහොට්ටුවෙ සාමාජිකත්වය දරමින් ඒ පක්ෂයෙ දිගටම කටයුතු කරන්නත් තීන්දුවක් අරන්ලු.

අං-පාර පැත්තෙ මන්ත්‍රීගොල්ල දෙන්නෙක් වගේම සීතල නුවරඑළිය පැත්තෙ මන්ත්‍රී සයිස් මහත්තයකුත් තවත් නම සඟවාගෙන ඉන්න මහත්තයෙකුත් මේ ආණ්ඩුවෙන් යන පිරිසට ඇතුළත් බවයි කියැවෙන්නෙ.

මෙයින් බහුතරයක් පසුගිය ගෝඨාභය - මහින්ද ආණ්ඩුවෙ ඇමැති, රාජ්‍ය ඇමැති පට්ටම් දැරෑ අය කියල කියනව... කොහොම නමුත් පාර්ලිමේන්තුවෙ අලුත් සැසිවාරෙ පටන් ගන්නකොට මෙයාල ආණ්ඩුවෙන් ඉවත් වෙන බවයි ආරංචි.

මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් ඊයෙ පෙරේද තිබුණ ආණ්ඩු පක්ෂ රුස්වීමේදී ආණ්ඩුවෙ සමහර තීන්දු විවේචනයක් කරල නැගිටල ගිය බවත් තතු දත් අය කියනව. ඒ වගේම තෝරාගත්ත කිහිප දෙනෙකුට විතරක් කැබිනට් පට්ටම් දීමත් එයාලගේ මේ තීන්දුවට හේතුවක්ලු.

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00