2023 ජනවාරි 15 වන ඉරිදා

කොළඹට ’හිරු’

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 554

ළඟදී එනවය කියන පුංචි ඡන්දෙදි කොළඹ නගරෙ මහ පුටුවට තරග කරන්නෙ කවුද කියල ටෙලිෆෝන් පාටියෙ ලොකු කතාවක් යනව.

මේ ගැන මුල ඉඳලම නම කියවෙන "මුජීබ්" මන්තිරිතුමා තවම වැටඋඩ ඉන්නවය කියලයි සමහරු කියන්නෙ. ඒකට හේතුව පුංචි ඡන්දය කල්යාවි කියන බයටලු. කවුන්සිලෙනුත් අස්වෙලා ඡන්දෙත් නොතිබ්බොත් උන්නැහේට නිකම්ම ඉන්න වෙයිද කියලත් හිතන බවයි තතු දත් අය කියන්නෙ.

ඒ අතරෙ ටැලිෆෝන් පාටියෙ ඉහළම නෝන කෙනෙක්ගෙ අනුග්‍රහයෙන් 'හිරු' නෝන මහ නගර සභා පුටුවට තරග කරන්න සූදානම් වෙන බව තවත් අය කියනවා...

මේ නමට පක්ෂයෙ ඉහළම තැන්වලින් අනුග්‍රහය ලැබෙමින් පවතින බවයි ආරංචි. මොකද පක්ෂයෙ බලවත්ම නෝන තදින්ම කියන්නෙ මේ සටන 'හිරු'ට බාරදෙන්න කියලලු... ඒ වචනෙ පක්ෂයෙ නායකතුමාටවත් අහක දාන්න අමාරු නිසා සමහරවිට ඡන්දය තිබ්බොත් හිරුට චාන්ස් එකක් ලැබේවි කියල කියැවෙනව.

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00