2023 ජනවාරි 15 වන ඉරිදා

අලුත්ම තොවිලෙකට සූදානම්

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 605

පොහොට්ටුව එක්ක එකතුවුණ එකට අලි පාටියේ එකම එක කෙනකුට යකා නැගලලු. ඒ ඊළඟ පක්ෂ නායක හීන දකින කෙනෙක්ලු. මහා වාරි ව්‍යාපෘති කරපු තාත්තා කෙනෙක්ගේ පුතෙක් වුණ මෙයාට මේ ගැන තරහා තියෙන්නේ පක්ෂයේ දෙන්නෙක් එක්කලු. එක්කෙනෙක් ලියන මහත්තයා. අනෙක් කෙනා ගාල්ලෙ කෙනෙක්. මේ දෙන්නා තමා පක්ෂය කන්නේ කියලා අරය දන්න අය එක්ක කියනවලු.

කොහොම වුණත් අද හෙටම මෙයා මේකට ලෙඩක් අදින්නලු යන්නේ. එහෙම කරන්නේ මේ එකතු වුණ එකට අකැමැති පොඩි පොඩි ගම්වල මන්ත්‍රීවරැත් මෙයාට දුක කියන්න අරන්ලු. ඒ නිසා මෙයා පන්දම අතට අරන් තොවිලයක් නටන්න ලෑස්‍ති වෙනවා කියලා ආරංචිය. ටික් ටොක් ටිකක් කරන් පාඩුවේ හිටිය මෙයා, හදිසියේම දුෂ්ඨයගේ චරිතය රඟපායිද කියලා හැමෝම කතාවෙනවලු.

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00