2023 ජනවාරි 01 වන ඉරිදා

ඔන්න ඔහොමලු වුණේ!

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 840

අර රටේ ඉහළ තැනක උපදේශක කටයුත්තක ඉඳලා මේ ළඟකදි අලි ජංජාලයක් කර ගත්ත මහැදුරැතුමෙක්ගේ සිදුවීම ගැන මාධ්‍යයට ලොකූ අනාවරණයක් කිරීම ගැන හැමෝම කතා වෙනවා. මේ මාධ්‍ය සාකච්ඡාව කළේ දුරකථන පාටියේ කොළොන්නාව පැත්තෙ නෝන එක්ක තවත් නෝන කෙනෙක්.

කොහොම හරි දැන් මේක හොයන් හොයන් යනකොට මේක ඒ මහැදුරුතුමාගෙයි, ඔය කතා කරපු නෝනල දෙන්නගෙන් කෙනකුයි අතර හටගත්ත සල්ලි හුටපටයක් නිසාලු වෙලා තියෙන්නෙ. මේ හුටපටේ නිසා ඒ නෝන සම්බන්ධව මහැදුරුතුමා උසාවි යන්න ලෑස්ති වෙලාලු ඉඳලා තියෙන්නෙ. ඒ තියෙද්දි තමයිලු මේක කරල තියෙන්නෙ.

ඒත් සිදුවීම ඒක නෙමෙයි. මහැදුරුතුමාගේ පෞද්ගලික ජීවිතේ වෙනුවෙන් මේ විදිහට මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බ කොළොන්නාවේ ඇත්ති ගැන පක්ෂයේ අභ්‍යන්තරයේ ලොකු අවුලක්ලු. මොකද පක්ෂයේ ලොකු ලොක්කො නොදැනගෙන මේ කරන වැඩ නිසා පක්ෂයෙ නමත් කැත වෙනවා කියලා හැමෝම කිව්වලු. අනික මේ රටේ වැදගත් ප්‍රශ්න තියෙද්දි පවුල් ආරවුල් අල්ලන් කරපු වැඩේ ගැන හැමෝම විරුද්ධලු. හැමෝම කියන්නෙ මහැදුරුතුමා ඒ හැමෝගෙම කාලයක් මිත්‍රයෙක් නිසා මේ කරපු වැඩේ කැතයි කියලා කස්ටියක් ඒක ගැන ඔය පාටියෙ ලොකු තැනටත් පැමිණිලි කරලලු.

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00