2023 ජනවාරි 01 වන ඉරිදා

වැඩ අනන නෝනෙක්

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 619

දුරකථන පාටියේ මැතිසබේ ඉන්න නෝනලා දෙන්නෙක්ට  ඇතුළේ පොඩි කැපිල්ලක්. මේ කැපිල්ල කාන්තාවෝ කාන්තාවෝ අතර කියලයි ආරංචිය. මිණිපුරේ පැත්තයි මා-තලේ පැත්තයි නියෝජනේ කරන මේ නෝනලා දෙන්නට කැපිල්ල මැඩම් කෙනෙක්ගෙන් කියලයි ආරංචිය. මැඩම්ට මැඩම් වගේ සලකන්නේ නැති නිසාත්, ඒ මැඩම්ව මේ නෝනලා ගණන් ගන්නේ නැති නිසාත් තමයිලු මේ හැමදේම.

ඒ නිසා මැඩම් කාන්තා වැඩවලින් ඒ දෙන්නා පැත්තකට දාලා කොලොන්නාව පැත්තෙ කටහැකර කෙනකුට සියලුම වැඩ බාරදීලලු තියෙන්නේ. මොකද එයා මැඩම්ව ඔලුව උඩ තියාගෙන වැඳුම් පිඳුම් කරන නිසා. කොහොම වුණත් අර නෝනලා දෙන්නගෙන් එක්කෙනෙක් ඉක්මනින් දේශපාලන තීන්දුවක් ගන්නලු ඉන්නේ. අනෙක් කෙනා ඉවසගෙනම ඉවර වෙලා දේශපාලනයට ආයුබෝවන් කියන්නලු යන්නේ.

අර මැඩම් කවදා හරි රටේ බලවන්තියක් වුණොත් ඒ දෙන්නට තියන තැන නැතිවෙන්න කලින්මලු මේ තීන්දු ගන්න යන්නේ කියලයි ආරංචිය. වැඩේ කොච්චර දුර ගියාද කියනවා නම් මධ්‍යම පළාත් එක නෝනා කෙනෙක් තමන්ගේ සංවිධායකකමත් එපා කියලා මීට කලින් ලියුමකුත් පක්ෂයේ ලොකු තැනට දුන්නලු.

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00