2022 දෙසැම්බර් 25 වන ඉරිදා

වාඩුව ගැනීම

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 564

අත පාටියෙන් ගලවලා අයින් කරපු අය අතර ලොකු නෝනා කෙනකුත් ඉන්නවනෙ. රටේ හිටපු ලොකුම පට්ටමක් දැරූ එයාටත් පක්ෂයේ යන එන මං නැති කළානෙ. ඒ නිසා දැන් මෙයා හදනවලු අත පාටියේ ඉවත් කරපු අයයි ඉවත්වෙලා ගිය අයයි එකතු කරල ඒ අයට නායකත්වය දෙන්න. දැනටම මේ ගැන පොඩි පොඩි සාකච්ඡා කිහිපයකුත් තියලලු තියෙන්නෙ.

ඉතින් එයා නායිකාව වෙලා සම්පූර්ණයෙන් අත පාටිය එයාගේ තනි අතට අරගෙන සන්ධානයක් හදල ඒ සන්ධානෙ ඉහළම තැනකට දැන් ඉන්න රටේ ලොක්කව පත් කරන්නලු ප්ලෑන් එක. ඒ විතරකුත් නෙමෙයි. මේ ප්ලෑන් එකේ දෙවැනි කොටස වෙන්න යන්නෙ හැමෝගෙම ආරාධනාව පිට රටේ ලොකු තනතුරක් ගන්නලු එයාගේ කණ්ඩායමේ ප්ලෑන් එක. ඉතින් මේක ගැන කතාව තැනින් තැන කියවෙන්න ගත්තම මේ ළඟදි පක්ෂයෙන් එළවපු කෙනෙක් කිව්වලු "මොකා ආවත් මම නම් මෙයාට ඉඩ දෙන්නේ නෑ" කියලා.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00