2022 දෙසැම්බර් 11 වන ඉරිදා

කට වැරදුණු නෝනාට වැඩ වරදින හැඩ

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 1141

දුරකථන පාටියේ කොළොන්නාව පැත්තේ නෝනා කෙනෙක් රටේ මහ තැනට කිව්ව ඇට කතාව ගැන ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලාලු සමස්ත දේශපාලනය ඇතුළෙම. හේතුව මහ තැන දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයෙක් වෙලත් එහෙම කතා කරපු එක විපක්ෂයේ අය වගේම එයාගේ පක්ෂයේ අයත් විවේචනය කරලලු.

කොහොම වුණත් ඒ නෝනා එයාගේ පක්ෂයේ නායක තැන ඉන්න තැනම මේ කතාව කිව්ව නිසා පක්ෂයේ හැමෝටම මේ ගැන තරහක්ලු තියෙන්නේ ඒ කතාව වැරදියි කියලා නායකතුමා නොකිව්ව එක ගැන. මේක ගැන ඊළඟ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදි කට්ටිය ලෙඩේ අදින්නලු ඉන්නේ. තවදුරටත් වනිතා ඒකකය එයාට දෙනවා නම් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කාන්තාවො සහ පිරිමි එයා ඉන්න කිසිම වැඩකට එන්නේ නෑ කියලා. වහාම වනිතා ඒකකයෙන් එයාව අයින් කරන්න කියලා යෝජනා කරන්නලු යන්නෙ.

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00