2022 නොවැම්බර් 13 වන ඉරිදා

ලොකු විරෝධයක්

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 422

ටැලිෆෝන් පාටියෙ ඉන්න ටිකක් කටකාර දේශපාලුතුමෙක් ආණ්ඩුවට යනවය කියල ලොකු හා හූවක් යනව.

උන්නැහේ මෙයට කලින් ආණ්ඩු ගණනාවක ඇමැති පට්ටම් දරාපු... ඒ වගේම නඩු හබ ගණනාවකටත් මැදිවෙලා ඉන්න පොරක් කියල තතු දත් අය කියනව...

යහපාලන කාලෙ උන්නැහේගෙ පවුලෙ තවත් කෙනෙකුත් ආණ්ඩු පක්ෂයෙන් කවුන්සිලේට ගිහිල්ල හිටිය. එයත් දේශපාලනේ "ලොරි ටෝක්" වලට ප්‍රසිද්ධ චරිතයක්. කොහොම හරි මේ අපරාජිත ජ්‍යෙෂ්ඨ දේශපාලුතුමා ආණ්ඩුවට එක්වන බවට කතාව පැතිරෙන කොට ඒ ගැන ආණ්ඩුවෙ ලොකුම කොටස්කරු වෙච්ච පොහොට්ටුවෙ ලොකු ලොක්කො අතරෙ ඊයෙ පෙරේදා ලොකු සාකච්ඡාවක් ඇතිවුණා.

එතෙන්ට ඇවිත් හිටපු පොහොට්ටු කස්ටියගෙ ප්‍රධානීන් තීන්දු කළේ මේ ටැලිෆෝන් මන්ත්‍රී ආණ්ඩුවට ගැනීම ගැන දැඩි විරෝධය පළ කරන්නලු...

"මෙයා ඉන්න තැන අපි රෙද්දක් ඇඳගෙන ආණ්ඩුවට උදව් කරන්නෙ කොහොමද" කියල පොහොට්ටු ලොක්කො තමන්ගෙ විරෝධය තහවුරු කළා කියලත් ආරංචියි.

 

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00
 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00
 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00
 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00
 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00