2022 නොවැම්බර් 06 වන ඉරිදා

ලොක්ක සොක්ක කළ බක්කෙක්

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 574

නැව් සම්බන්ධ බලවත් තැනක ඉන්න පුද්ගලික ලියන මහත්තෑන් කෙනෙක් ගැනයි මේ කතාව. උන්නැහේ පොඩිම පොඩි කෙට්ටු හාදයෙක්. හැබැයි කෙට්ටු වුණාට උන්නැහේ ඉන්නේ විෂය භාර ඇමැතිටත් වඩා උඩින්ලු. ගමටම සද්ද දාගෙන නැව් ටෝක් දීගෙන ඉන්න මේ හාදයා දැන් ආරක්ෂකයකුත් තියන්ලු ඉන්නේ.

ඇමැති උන්නැහේ පවා නොදන්නා මේ ආරක්ෂක වැඩේ ගැන හෙව්වම ආරංචි වුණේ උන්නැහේ හිතු මනාපෙට අරන් ඉන්නෙ ආරක්ෂක සාමාජිකයෙක්ලු. ඒ අමාත්‍යංශයෙම දෙපාර්තමේන්තුවක් වෙන ආරක්ෂක අංශයෙන් එහෙම ආරක්ෂකයෝ ලබාගන්න තහනම් වෙලා තියෙද්දිත් මිනිහා වගේ තුන් හතර ගුණයක් විශාල ආරක්ෂකයෙක් අරගෙන ඉන්න එක හැමෝටම ප්‍රශ්නයක්ලු. ඊටත් වඩා මාර සද්දෙලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00