2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

අලි මෙහෙයුමක්

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 640

අලි පාටියේ ලොකු තැන වගේම රටේ ලොකු තැන මේ වෙද්දී අමුතු මෙහෙයුමක් පටන් අරන්ලු තියෙන්නේ. ඒ මෙහෙයුම එයාගේ ගෝලයන්ට කියලලු තියෙන්නේ ඉක්මනින් කරන්න කියලා. දැනට පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායම්වල උන්නැහේ එක්ක යන්න කැමති අයව එකතු කරලා අලියා ලකුණට පණ දෙන්නලු යන්නේ.

දැනට පොහොට්ටුවෙන් ආපු 10 දෙනෙක් බරටම තිරේ පිටිපස්සේ වැඩලු. ගම්පහින් 2යි, බදුල්ලෙන් දෙන්නයි, පොළොන්නරුවෙන් එක්කෙනයි, කුරුණෑගලින් එක්කෙනයි, කෑගල්ලෙන් එක්කෙනයි වගේ සෙට් එකක් දැනටමත් වැඩලු. ඒ වගේම අලුත් සන්ධානයක් හදන වැඩෙත් දැන් ක්‍රියාත්මක වෙමින්ලු ඉන්නේ. සන්ධානය හදලා පළවෙනි වෙඩිල්ල තියන්න යන්නේ පළාත් පාලනයට කියලයි ආරංචිය. හැබැයි දෙන්නෙක් තවම වැට උඩලු. ඒ ගම්පහ ලොකු පවුලක කෙනෙකුයි, දකුණේ තාත්තගෙන් දේශපාලනයට ආපු පුතෙකුයි. මේ දෙන්නම කැබිනෙට්ටුවේලු ඉන්නේ. පක්ෂ හදලා වැඩේ හරි ගියොත් ඒ දෙන්නට ලොකු තනතුරකුත් දෙන්නලු ප්ලෑන් එක.