2022 ඔක්තෝබර් 02 වන ඉරිදා

ලකුණු කපාගැනීම

 2022 ඔක්තෝබර් 02 වන ඉරිදා, පෙ.ව. 08:00 503

පසුගිය දවස්වල උතුරුකරේ විවිධ සංවිධානවල පීඩාවට පත්වුණු බෞද්ධ ආගමික සිද්ධස්ථානයක උරුමය රැකගන්න ආණ්ඩුවට බල කරන උද්ඝෝෂණයක් පසුගිය දවසක අගනුවරදි පැවැත්වුණා.

ඒ විරෝධතාව පැවැත්වෙද්දි ආණ්ඩුවෙ හා විපක්ෂයෙ මන්ත්‍රීගොල්ල තුන්දෙනෙක් එතැනට ආවෙ වැඩේට සපෝට් එක දෙන බව පෙන්වමින් ලකුණු ටිකක් රැස්කර ගන්නලු.

කොහොම නමුත් මෙහෙම ආපු දෙතුන් දෙනාම පසුගිය 'ගෝඨා' රජයේ ඉහළ තනතුරු දැරෑ අය කියලා කියවෙනවා. සමර-වීර කෙනෙක් වීර-සේකර කෙනෙක් හා ජය-සුමන කෙනෙක් මේ අය අතර හිටියලු...

කොහොම නමුත් තමන්ට බලය ඇති කාලෙ මේ සිද්ධස්ථාන වෙනුවෙන් මුකුත් නොකර වැඩේ වැරදුණාම ඒකෙනුත් ලකුණු දාගන්න ආපු මේ තුන්දෙනාට උද්ඝෝෂකයන්ගෙන් එල්ල වුණේ දැඩි විරෝධයක්. ඒ සමඟ විශාල වාග් සංග්‍රාමයකුත් හටගැනුණා. හූවකුත් මතු වුණා..

මේ නිසා එනපොට හොඳ නැති බව දැනගත්ත දේශපාලන භවතුන් කොල ඉරාගන්නෙ නැතුව හිමිහිට මාරු වුණා..

 

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00