2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

රැස්වීමට ලොකු බිලක්

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:00 497

බස්නාහිර පළා ආයතනයේ මේ දවස්වල පළා බබාලා නෑ. මොකද ඒවා විසුරුවලා නිසා. දැන් පළා ආයතනයේ වැඩ බලන්නේ පළා නිලධාරීන්. ලේකම්ලා, අතිරේක ලේකම්ලා, ලියන මහත්වරු වගේ අය. සමාන්‍යයෙන් සතියකට රැස්වීම් 2ක් 3ක් තියෙනවලු. ඒ රැස්වීම් තියෙන දවස කියන්නේ තනිකරම පාටියක් වගේලු. එදාට එක එක කෑමලු.

කාලයක් රැස්වීම් තියපුවම දුන්නේ තේ එකයි රොල්ස් එකයි කේක් කෑල්ලයි වගේලු. ඒත් දැන් රැස්වීම් තිබ්බම ලොකුම ඕඩර්ලු එන්නේ. එක්කෙනෙක්ට එක එක ජාති කෑමලු. සමහර අය බර්ගර්ස් ඉල්ලනවලු. සමහර අය සබ්මැරීන් ඉල්ලනවලු. තවත් අය මිල්ක්ෂේක් ඉල්ලනවලු. කොහොමත් රැස්වීමකට 50,000 පැනලා බිල යන තැනට ඇවිල්ලා කියලයි ආරංචිය. මේ වැඩේට සේවකයෝ විරුද්ධ නිසා ලොකු ලොකු තැන්වලටත් මේ ගැන ලියලා යවලලු තියෙන්නේ. සල්ලි නැති කාලේ මේ වගේ සවුත්තු වැඩ නම් කොහොමත් හොඳයි කියන්න බෑ කියලයි හුඟ දෙනෙක් කියන්නෙ.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00