2022 අගෝස්තු 14 වන ඉරිදා

රාජ්‍ය මට්ටම නියෝජ්‍ය මට්ටමට බසී

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 541

ආණ්ඩුවේ ලොකු තැනට මන්ත්‍රීන් බහුතරයක් මේ දවස්වල යෝජනාවක් ගේනල්ල තියෙනවලු. ඒ තමයි මොන සර්ව පාක්ෂික ආණ්ඩු හැදුවත් කිසිම වෙලාවක රාජ්‍ය ඇමැති පට්ටම් දෙන්න එපා කියලා. එහෙම දුන්නොත් සමහර අය ඇමැතිකමෙනුත් අයින් වෙන්න ඉන්නවලු. වැඩියෙන්ම මේ ගැන යෝජනාව තියෙන්නේ පොහොට්ටුවේ අයගෙන්ලු.

එයාලා කියන්නේ පසුගිය ආණ්ඩුවල ලොකුම ප්‍රශ්නය ඇතිවුණේ මේ රාජ්‍ය පට්ටම නිසා කියලා. ඒ පට්ටම ගහපුවම එයාටත් ගැසට්වලින් ආයතන වෙන් කරල කැබිනට් ඇමැති පට්ටමයි රාජ්‍ය පට්ටමයි එකිනෙකට පැටලෙන්න පටන් ගන්න නිසාත් ඉස්සෙල්ලම ආණ්ඩුවෙන් අයින් වෙන්නේ ඔය රාජ්‍ය පට්ටම්කාරයෝ නිසාත් ආයේ ඒ පට්ටම දාන්න නම් එපා කියලා. දැන් කොහොම හරි වැඩේ නොවෙන තැනකලු තියෙන්නේ. ඒ වෙනුවට නියෝජ්‍ය ඇමැතිකම් තමයිලු ඉස්සරහදී මැවෙන්නේ.