2022 ජුලි 24 වන ඉරිදා

කෝල් එකෙන් කැම්පේන්

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 558

පසුගිය ජනාධිපති සටනෙදී රැයක් දවාලක් නැතිව මහන්සි වුණු කෙනෙක් හිටියලු. කෑමක් බීමක්වත් නෑලු. මෙයාගේ කටේ තියෙන්නෙම වැඩිකිරීම් සහ බෙදීම්ලු. මෙයා පාර්ලිමේන්තුවේ 225 ගෙන් පස් හය දෙනෙක්ට විතරලු කතා කරලා නැත්තේ.

අපේක්ෂකයෝ තුන්දෙනයි කථානායකවරයයි විපක්ෂ නායකයි ඇරෙන්න අනිත් හැමෝටම මෙයා කෝල් කරලා රට හදන එක ගැනයි, රට හැදුණම වෙන එක ගැනයි, උදව් කළොත් මොකද වෙන්නෙයි හැමදේම කියලා. එනවද අපිට උදව් කරන්න කියලා අහන්නත් අමතක කරන්නේ නෑලු.

කලක් දේශපාලනය කරපු අලි පාටියේ දකුණේ චරිතයක් වෙච්ච මෙයා වැඩි උස මහත කෙනෙක් නෙමේලු. දුරකථනවලින් ජිමික් දාන්න පුළුවන් මෙයා දුරකථන හරහා ගනුදෙනුවලට හරිම ශූරයිලු.