2017 මැයි 13 වන සෙනසුරාදා

ෆොනීගෙ පට්ටම

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 461

ෆොනීට අලි පාටියෙ පට්ටමක් දෙන්න යන එකට පක්ෂයෙ ප්‍රබල චරිත ගොඩාක් විරුද්ධලු. එයිනුත් දෙන්නෙක් තදින්ම තමන්ගෙ විරෝධය පළ කළා කියලා කතාවක් ගියා.

මෙයින් එක්කෙනෙක් ලොකු නීතිඥ ඇමැති කෙනෙක්ලු. අනිත් එක්කෙනා ඌවෙන් ආපු තරුණ ඇමැති මහත්තයෙක්ලු.
පසුගිය සඳුදා තිබුණ අලි පාටියෙ ඉහළ මණ්ඩලේ රැස්වීමට කළින් නීතිඥ ඇමැතිතුමා මේ ගැන තමන්ගෙ දැඩි විරෝධය පක්ෂ නායකතුමාටත් කිට්ටු මලික් තුමාට දන්වා සිටියා... ඒත් උන්නැහේගෙන් මේ කතාවට කිසිම සපෝට් එකක් ලැබිලා නැහැ. පාටියෙ තීන්දුවලට උදැල්ල දාන්න බැහැ කියලා උන්නැහේ කිව්වලු. ඒත් නීතිඥ ඇමැති තැන ෆොනී ගත්තොත් මං ගියා කියල තමන්ගෙ තීන්දුව නැවතත් තහවුරු කළා කියනවා.

හැබැයි එයා එහෙම වුණාට ඌවෙන් ආපු තරුණ ඇමැති තැන නම් දැන් තමන්ගෙ විරෝධය ඉවත් කරගනිමින් ඉන්නව කියලයි ආරංචි. ඒකට හේතුව ප්‍රසිද්ධවෙලා නැතත් ඉහළින් ලැබුණ අණ පරිදි උන්නැහේ කකුල පස්සට ගන්න කතාවක් යනවා... මේ කස්ටියට අමතරව තිරය පිටුපස ඉඳන් ෆොනීට නූල් අදින පිරිසකුත් ඉන්නවලු... ඒ නිසා ෆොනීගෙ පත්වීමත් කල්යමින් තිබෙනවා.