2022 ජුලි 10 වන ඉරිදා

දොට්ට දානවලු

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 882

මේ දවස්වල නිතර නිතර මාධ්‍යයේ පෙනී සිටින එක්තරා කොමිසමක සභාපතිවරයෙක් උන්නැහේ දරන තනතුරින් දොට්ට දාන්න ආණ්ඩුව තීන්දු කරලලු...

මෙයා දොට්ට දාන්න හදන්නෙ එයා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල කරන සමහර කතා හින්ද ආණ්ඩුව සවුත්තු වෙන නිසා කියල මන්තිරිගොල්ල රටේ ලොකුම තැන්වලට පැමිණිලි කරල...

තෙල් ලීටරේ අඩු ගණනකට දෙන්න පුළුවන්කම තියෙද්දී ආණ්ඩුව වැඩි මිලට විකුණන බවට එයා ප්‍රසිද්ධියෙ චෝදනා කළාලු. ඒක එයාගෙ ප්‍රතිරූපය හදාගන්නත් අනාගත දේශපාලන වැඩකට පාර කපා ගන්නත් කරපු වැඩක් කියලයි මෙයා ගැන පැමිණිලි කරපු මන්තිරි ගොල්ල කියල තියෙන්නෙ...

ඒ වාගේම ආණ්ඩුව එක්ක තෙල් බිස්නස් එකක් කරන්න ගිහිල්ල ඒක චකබ්ලාස් වුණ නිසා මේ වගේ කතා කියන බවත් තවත් උදවිය කියනව. කොහොම නමුත් ඉදිරි සති කිහිපය තුළ මෙයා දොට්ට දාන වැඩේ සැට් කරන්න ආණ්ඩුව තීන්දු කරල ඉවරලු.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00