2022 ජුනි 19 වන ඉරිදා

නායක උණ හැදිල

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 386

ආණ්ඩු පක්ෂයෙ ඉන්න සමහර උදවියට ''නායක උණ'' හැදිලලු. ඉතින් මේ රෝගෙ හොඳ කරගන්න තිබෙන එකම මාර්ගය හැටියට එයාල තීන්දු කරල තිබෙන්නෙ තමනුත් දේශපාලන පක්ෂ හදාගෙන නායකයො වෙන එකලු...

මේ විදියට නායකයො වෙන්න අලුතින් පක්ෂ දෙකක් හදන්න ආණ්ඩුවෙ ඉන්න එක්තරා පොරවල් දෙකක් සූදානම් වෙනවලු.

මෙයින් එක්කෙනෙක් ඈත පුලතිසිපුරේ පැත්තෙන් ආපු සිංහයෙක්ලු. එයා දෙපාරක් කවුන්සිලේට පත්වුණු කෙනෙක්.. මේ නායකත්ව උණ නිසා උන්නැහේ පසුගිය මැයි දිනේදි තනියම මැයි රැලියකුත් කළා...

එයාට අමතරව කොළඹ දිසාවෙන් පත්වෙලා ඉන්න ආරක්ෂක අංශයට සම්බන්ධවෙලා හිටපු ආචාර්ය මට්ටමේ කෙනකුත් පක්ෂයක් හදල නායකයෙක් වෙන්න ට්‍රයි කරන බවයි ආරංචි... වත්මන් ආණ්ඩුව යටතෙ කාලයක් ඇමැති පට්ටමක් කාරිය හදල හොඳ හොඳ ආන්දෝලනාත්මක සිද්ධි නිසා වාර්තා තැබූ ''වීරයෙක්'' වන මොහුට මේ ආණ්ඩුව සැලකුව මදිය කියලයි තමන්ම පක්ෂයක් හදාගෙන ''ඒක නායක'' කෙනෙක් වෙන්න හදන්නෙ...

හැබැයි රටේ ජනතාව නම් දැන් ඉල්ලන්නෙ අලුත් පක්ෂවත් නොවෙයි නායකයොවත් නොවෙයි විදුලිය - තෙල් - ගෑස් වගේ දේවල් පමණයි. ඒක මේ නායකයො වෙන්න යන අයට නොතේරීමයි ප්‍රශ්නය...

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00
 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00
 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00
 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00
 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00