2022 ජුනි 19 වන ඉරිදා

කමිටුවට ලලනාවක්

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 443

අරගලය කරපු අයට ලොකු අවස්ථාවක් දෙන්න තීන්දු කරල රටේ දෙවැනි තැන අලුත් යෝජනාවක් ගෙනාවලු අමාත්‍යංශ කාරක සභාවලට අරගලකරුවන්ට අවස්ථාවක් දිය යුතුයි කියල. ඒ අවස්ථාව අරගලකරුවන්ට දෙන්න නියම වුණාට පස්සෙ දැන් සුදුස්සන්ගෙ ලැයිස්තුවත් හදනවලු.

හැබැයි ඒ කාරක සභාවලට යන කිසිම කෙනෙක්ට මින් පස්සේ අරගල භූමියට එන්න බෑ කියලත් අරගලේ තීරණයක් අරන්ලු. ඒත් කතාව ඒක නෙමෙයි. මේ සභාවලට සාමාජිකත්වයකට එක කාන්තාවක් දාගන්න මාර සටනක් යනවලු. අලි පාටියේ මහාචාර්ය පට්ටම් ගත්ත කෙනෙක්ගේ සමීපම කාන්තාවක් වෙච්චි එයාව දාන්න කියලා බල කරන්නෙම ඒ මහාචාර්යතුමාලු. මේ නිසා අවසානයේ යවන්න හදපු ලේකමුත් වෙනස් කරාලු. කොච්චර බලපෑමක්ද කියනවා නම් එයා පක්ෂයෙනුත් යන්නලු හදන්නේ එයාව නොදානවා නම්.

කොහොමහරි මේ අරගලකාරයෝ අස්සේ මෙන්න මේ කාන්තාවත් දැන් දාන්න තීන්දු කරලලු තියෙන්නේ. වැඩේ දැන් හොඳටම එළියට ලීක්වෙලා නිසා එයා අරගලයේ සක්‍රියම කෙනෙක් කියලා නම්බු නාමයකුත් දීලලු. කොහොම වුණත් මේ හැමෝටම ආයේ කවදාවත් අරගලේ පස් පාගන්න බෑ කියලා තීරණයක් අරගල භූමියෙන් දීලා ඉවරලු.

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00
 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00
 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00
 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00
 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00