2022 ජුනි 12 වන ඉරිදා

එයත් අස්වුණා - මෙයත් අස්වෙනවලු

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 520

ආණ්ඩුවෙ මහ කන්තෝරුවෙ ඉන්න ඉහළම නිලයක් දරන ලියන මහත්තයෙක් සහ ඒ මට්ටමේම ඉන්න තවත් උපදේශක සයිස් මහත්තයෙක් ඔන්න ඉල්ලා අස්වුණා මෙන්න ඉල්ලා අස්වුණා කියල කතා පැතිරෙන්න පටන් ගත්තා. 

මේ සමහර කතාවලට අත්තටු ලැබිල ඒවා සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රවෘත්ති බවටත් පත්වුණා. ඉතින් කිසිම අගක් මුලක් නැතුව මේ අසත්‍ය කතා පැතිරෙද්දි මහ කන්තෝරුවෙ ඉහළම ඉන්න පිරිසක් ඉතාම රහසිගතව මේ කතාවල් ප්‍රචාරය කරන්නෙ කවුද මේකෙ අග මුල කොතැනද කියල සොයල බැලුවා.. 

එහෙම සොයාගෙන සොයාගෙන යනකොට අහුවුණා නියම තැන. මේ ගින්න පත්තු කරන්නෙ ඒ කන්තෝරුවෙම ඉන්න ඉහළ තනතුරුවලට ඉතාම ආසා පොරක් බවයි මේ නිරීක්ෂණ පරීක්ෂණවලින් තහවුරු වුණේ. උන්නැහේ මහ කන්තෝරුවට ඇවිත් තිබෙන්නෙත් මේ ළඟදිලු.

යහපාලනේ කාලෙ එතැනත් ඊට කලින් අතීතයේ තවත් නොයෙක් තැන්වලත් වැජඹුණ හොඳට ඉඩකඩම් එහෙම තියෙන මෙයාට හොඳ ඉතිහාසයක් ඇති නායකයෙක්ලු... ඒ ඉතිහාසය ගැන තතු දත් අය කියන කතා ඇහුවම පුදුමයි කියල කාරණා කාරණා දන්න අය කියනව...

කොහොම නමුත් මෙයාගෙ මේ වැඩ නිසා දැන් මහ කන්තෝරුව ඇතුළෙන්ම අවුලක් ඇතිවේගෙන යනව.. ඒක ළඟදිම විවෘත සභාවෙ පත්තුවීමට නියමිත බවයි ආරංචි...

 

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00
 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00
 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00
 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00
 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00