2022 මැයි 22 වන ඉරිදා

උන්නැහේගෙ නම කාටත් අමතකලු

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 746

අත පාටියේ ලොකුම පිපිරීම අලුත් ආණ්ඩුවත් එක්ක ඇති වෙලාලු. පළවෙනි එක තමයිලු රටේ දෙවැනි තැනගේ පුටුවට අත පාටියේ ලොකු තැනගේ නම කවුරුත් හරියට ලොකු තැනට යෝජන කරලා නෑලු. යෝජනා කරන්න කට්ටිය සැලසුම් කළත් කිසිම කෙනෙක් ඒකට උනන්දුවක් වෙලත් නෑ. මේකට පක්ෂයේ ලොකු තැන ඉතාම කලකිරීමෙන්ලු ඉන්නේ.

ඊට පස්සේ අත පාටියේ ලොකුතැන සැලසුම් කළාලු පක්ෂයේ කිසිම කෙනෙක් ආණ්ඩුවේ තනතුරු නොගෙන ඉන්න. ඒකට මධ්‍යම කාරක සභාවෙදී කට්ටියම හා කිව්වට කට්ටියක් හොරෙන්ම ගිහින් අලුත් දෙවැනි මහත්තයත් එක්ක කතා කරලා. මේක නිසාත් කලකිරීමකින්ලු ඉන්නෙ. කොහොම වුණත් අවසානයේ පක්ෂය දෙකට මැද්දෙන් කැඩෙයි කියලා දැන් ලොක්කා බයේලු ඉන්නේ. කීපදෙනෙක් එක්ක කතා කරලත් තියෙනවා මේ ගැන. ඒත් තත්ත්වය ඉතාම අවුල්සහගතයි කියලලු තියෙන්නෙ. මේ පාටියෙ අර්බුදේට සැබෑ හේතුව පක්ෂයෙ ලොකු තැනට දැන් උපදෙස් දෙන මහාචාර්යවරු දෙන්නෙක් කියලයි තතු දත් ආරංචි මාර්ග කියන්නෙ.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00