2022 මාර්තු 13 වන ඉරිදා

කොල්ලෙක් නිසා ඈත්වෙලාලු

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 916

දුරකථන පාටියේ වැඩවලින් කෙනෙක් ගොඩක් ඈත්වෙලාලු ඉන්නේ. ඒ කලකිරීම නිසාලු. මෙයා වැඩිය කට්ටිය එකතුවෙන තැන්වලට පවා එන එක අතහැරලලු තියෙන්නේ. ඒකට හේතුව එයාට පසුගිය කාලේ පක්ෂයෙන් ලැබුණු කුඩම්මගේ සැලකිලි කියලයි ආරංචිය.

බොහොම වටිනා සම්පත් ඇති පුරයක් නියෝජනය කරන එකම කාන්තාව වෙච්ච මෙයා එක කොල්ලෙක් නිසා කැපුණා කියලා ඉතාම කනගාටුවෙන්ලු ඉන්නේ. මේ බව පාටියේ ලොක්කන්ටත් කිව්වලු. හැබැයි ලොක්කා ඒක අමතක කරන්න කියලා ඒ කොල්ලගේ පැත්ත ගත්ත නිසාලු මෙයා කලකිරිලා ඉන්නේ. මෙයා ගොඩක් අය එක්ක කිව්වලු අපි වගේ අය දැන් ඕන නෑ කියලා. ඒ නිසා අපි ඈත්වෙලා ඉන්න එක තමයි හොඳම දේ කියලා මෙයා දැන් ඈත්වෙලාලු ඉන්නේ.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00