2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

නෝනගෙ බිලී බෑම!

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 927

කළුගං තොටේ සිංහයා කියලා එයාම කියන, කාලයක් නිල් පාටේ ඉඳලා දැන් කොළපාටට හැරිලා ඉන්න කටකාරය එයාගේ අලුත් පාටියට අත පාටියේ අය කැන්දන වැඩේ පටන් අරන්ලු. මේ වැඩේට උදව් කරන්නේ මේ රටේ හිටිය නෝනා කෙනෙක්. ඒ නෝනා පළවෙනි වැඩේ පටන් ගත්තේ එයාගේ ස්වාමියගේ නෑදෑ පුතෙක්ව බාලලු.

කොහොමහරි දැන් තවත් කෙනෙක් මේ වැඩේට එකතු කරගන්නලු යන්නේ. ඒ කාලයක් කාලයක් බැට් එකෙන් වැඩදාලා ලෝක සූරයෙක් වෙලා පස්සේ දේශපාලනයට ඇවිත් හැමතැනම කරක් ගහලා, ඇමැතිකම් දරලා දැන් දේශපාලනයෙන් ඉවත්වෙලා ඉන්න කෙනෙක්. දැන් ඊළඟ ආරාධනය එයාටලු.

කොහොම වුණත් දැනටම මේ පක්ෂයට අත පාටියේ ඉන්න ගොඩකට දුරකථන හරහා ලොකු නෝනා කතා කරලා ආරාධනා කරලලු තියෙන්නේ. ඒ අතරින් මහ මැතිවරණයේ නාමයෝජනා ලැබුණේ නැති ගොඩදෙනෙක් මේ අලුත් පක්ෂයට දැනටමත් යන්න තීරණය කරලා ඉවරලු.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00