2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

අප්සෙට් කතා කාරයෙක්!

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 922

ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ උත්තමයෝ ටිකක් දැඩි කලකිරීමකින් සහ අවුලකින්ලු ඉන්නේ එක්කෙනෙක් ගැන. ඒ ඒ අයගෙම පක්ෂයේ බදුල්ලේ පැත්තේ කෙනෙක් නිසාලු. පුදුම කටක් තියෙන මෙයා පක්ෂ විපක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට කතා කරන විදිහ අන්තිම නරකයි කියලා හැමෝම කතා වෙන්න පටන් අරන්. මෙයාට උපදෙසක් දෙන්නත් බැරි තරමට මෙයා උඩ ගිහින් ඉන්නේ කියලා එතනදි කට්ටිය කතා වුණාලු.

කොහොම වුණත් මෙයා සමහර අයට කියන කතා, කරන විහිළු පවා ඉතාම නරකයි කියලා මේ ජ්‍යෙෂ්ඨයෝ ටික කතා වෙලා. ඒත් මෙයාට විරුද්ධව පක්ෂයෙන්වත් අවවාදයක් නැති නිසා මින් ඉදිරියට ජ්‍යෙෂ්ඨයෝ ටික මේ හාදයා ගණන් නොගෙන ඉන්න තීරණය කරලලු. වම්බටු එළවළු ගැන කතා කිව්ව මෙයාට විනය ඉගැන්නුවෙ නැත්නම් තව මොන මොනවා කියයිද කියලා මේ අය දැඩි අවධානයෙන්ලු ඉන්නෙ.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00