2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

කවුද ඒ?

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 600

අලි පාටියේ ලොකු තැන මේ දවස්වල වැඩිය සද්දයක් නෑ. ඒකට හේතුව හැමෝම හොයලා බැලුවලු. එයා මේ සද්දයක් නැතුව ඉන්නේ අනෙක් පක්ෂවල අය එක හුස්මට දුවන නිසා කියලා කිව්වලු. කොච්චර හයියෙන් දිව්වත් අවසානයේ දිනන්නේ එයා කියලත් සමහර අයට වටෙන් ගොඩෙන් කිව්වා.

මේ හරුපේ මොකක්ද කියලා කට්ටිය හොයද්දි එයා සුපුරුදු වැඩේලු ඉන්නෙ. ඒ අනුව ඊළඟ මහ පුටු සටනට හිතාගන්න බැරි කෙනෙක් අලුත් සිස්ටම් එකක් එක්ක එළියට දාන්නලු මෙයාගෙ සැලසුම. තවම කවුද කින්ද මන්ද කියලා දන්නේ නැති මේ කෙනා කවුද කියලා හැමෝම ඉන්නේ අවධානයෙන් කියලයි ආරංචිය. කොහොම වුණත් එයා කියන්නේ අන්තිමේ එයාගේ අලියා හැමෝටම ඕන වෙනවා කියලා.