ලයිට් කැපිල්ලට හේතුවුණ විදුලිබලේ අර්බුදේ තවම සීයට සීයක් ඉවර නැහැ... ලයිට් කැපිල්ල අස්සේ විදුලිබලේ ලොකු ලොකු උදවිය වැඩවර්ජන අරව මේවටත් අර අඳිනව....
කලින් ලයිට් මණ්ඩලේ ගත්තු විදුලි කප්පාදුවේ තීන්දුව ඉංජිනේරැ මහත්වරැ අරන්... එයාල ඒකට අවසර ඉල්ලල ලියුම් ලියනව... කවදාවත් ලයිට් මණ්ඩලේ සිද්ධ නොවුණ වැඩ තමයි දැන් සිද්ධ වෙන්නෙ....
මේ විදියට ලයිට් මණ්ඩලේ කචල් පිට කචල් ඇතිවෙනකොට ආණ්ඩුවෙ ඉහළම නියෝගයක් අනුව මේකෙ සුලමුල සොයන්න රහසිගත විමර්ශනයක් ආරම්භ වුණා... ඒක කරපු දැනුවත් බලවත් නිලධාරීන් රටේ මහ කන්තෝරුවට වාර්තා කළේ පුදුම තොරතුරක්ලු...
ඒකෙන් කියැවුණේ ලයිට් මණ්ඩලේ ජී.ඇම්. පුටුව ගන්න බලාගෙන කෙළ හලමින් ඉන්න ආණ්ඩුවෙ එක්තරා උපදේශකයෙක් මේ හුටපටේ පිටිපස්සෙ ඉන්න බවයි... මේ උපදේශක තැන එසේ මෙසේ කෙනෙක් නොවෙයි. රාජ ඌෂ්ණෙ වැදිච්ච &රත්නයක්* බවයි තතු දත් ආරංචි මාර්ග කියන්නෙ.
එක පැත්තකින් රටේ ලොකු මහත්තයලට උපදෙස් දෙනව පිටිපස්සෙන් ඉඳන් වලි අද්දවනවා... මේක තමයි එයාගෙ කෙරැවාව.... දැන් මේ ඇත්ත හෙළිදරව් වී ගෙන එන්නෙ... බලමු ඊළඟට මොකද වෙන්නෙ කියල.