2017 මැයි 06 වන සෙනසුරාදා

උන්නැහේට සහතිකයක්

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 375

තමන්ගෙ තනතුර අහිමිවෙනවය කියලා හැමතැනම තදින්ම කතා පැතිරෙන ආණ්ඩුවෙ අලි පිලේ බුරුත කෝට්ධාරී ඇමැති කෙනකුට පසුගියදාක ලොකු සැටිපිකට් එකක් ලැබුණලු...

ඒක දුන්නෙ ආණ්ඩුවෙ දෙවැනි මහත්තයා වන අලි පිලේ ලොකු මහත්තයා කියලයි ආරංචි...

රටේ ආදායම් නග්ගල ආර්ථික වැඩ ටිප්ටොප් එකට තිතට කරන කෙනෙක් හැටියට ඇමැතිතුමාට මේ සහතිකය දුන්නෙ එයාගෙ තනතුර වෙනස් කරන්න ඕනය කියන රටේ ලොකු මහත්තයත් හිටිය ඇමැති මණ්ඩල සාකච්ඡාවකදී බවයි තතු දත් අය කියන්නෙ...

ඒ නිසා මේ මාසෙ වෙන්න තියනවය කියන ඇමැති පුටු මාරුව දැන් ජංජාලයක් වේගෙනලු එන්නෙ. එහෙම නැතුව වැඩේ යෝජිත විදියට වුණොත් මේ කියන ඇමැති විදේශ පැත්තට දාලා විදේශ එක්කෙනා මෙයා ඉන්න තැනට දාන්නලු සැලැසුම් කළේ.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00