2022 ජනවාරි 08 වන සෙනසුරාදා

තැන් මාරුව

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 514

නීති ප්‍රශ්නයක් නිසා දඬුවම් විඳින දුරකථන පාටියේ කෙනෙක් පහුගිය කාලේ ෆෝන් එකක් එයාගේ කූඩුවේ තියලා අහුවෙලා ඇතුළේ ඉන්න තැන මාරු කළාලු. පහසුකම් නැති තැනකට දැම්ම මෙයා පහුගිය දිනක ලැබුණු අවසරය මත අධ්‍යාපන වැඩ කටයුතු කරන්න ගියත් ඒ ඉන්න තැන ඒවා කරන්න බැරි තත්ත්වයක් තියෙන නිසා කාට හරි කතා කරල තැන මාරු කරලා දෙන්න කියලා එයාගේ පක්ෂයේ ලොකු තැනගෙන් කිහිප වතාවක්ම ඉල්ලලා. ලොකු තැනත් වැඩේ කරලා දෙන්නම් කිව්වට මෙයාට වුණේ දිගටම ඒ කූඩුවෙම ඉන්නලු.

කොහොමහරි පහුගිය දවසක එකපාරටම මෙයාගේ තැන මාරු වුණාලු. මේ මාරුවීම ගැන ඇතුළේ ඉඳලා කසුකුසු ගියාට කවුද මේ වැඩේ කරලා දුන්නේ කියලා දන්නේ නෑලු. පස්සේ හොයා බලද්දිලු දන්නේ මේ වැඩේ කරලා දුන්නේ ව්‍යාපාරිකයෙක් කියලා. මෙයා එසේ මෙසේ ව්‍යාපාරිකයෙක් නෙමෙයි. මුහුදු ආරක්ෂාව සම්බන්ධයෙන් කප් ගහපු යහපාලන ආණ්ඩුව කාලේ හිරබත් කාපු කෙනෙක්ලු. ඒත් එයාට විරුද්ධව කෑගහපු මේ හිරේ ඉන්න කෙනාට එයා හැබෑවටම උදව් කළාද කියලා කවුරුත් තවම දන්නේ නෑලු. ඒත් එයා නම් ඇත්ත කතාව දන්නවා කියලයි ආරංචිය. කොහොම වුණත් මේ වැඩේට ඒ ව්‍යාපාරිකයා සම්බන්ධ වුණා කියලා බන්ධනාගාරය ඇතුළේ හැමෝමත් දන්න බව කියැවෙනව. ඊට පස්සෙ එයාලත් දැන් කියන්නේ මේ ඔක්කොම යාළුවො කියලලු.

 

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00