2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

ගේමට ගේමක්

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 770

පසුගියදාක පකිස්ථානයේදී ඝාතනය වුණ ප්‍රියන්තට ආණ්ඩුවෙන් වන්දියක් දෙන්න ඕනෑය කියල ආණ්ඩුවේ විදේශ රැකියාවලටයි කංකරු වැඩවලටයි වග කියන නිමල හදක් තිබෙන ඇමැතිතුමා ඇමැති මණ්ඩලේට යෝජනාවක් ගෙනාවලු....

එතකොට එතැන හිටපු සමහර උදවිය කිව්වේ මේකට ආණ්ඩුවෙ මුදල් අංසෙන් නම් දෙන්න සල්ලි නැහැ කියලලු... ඒ හින්ද රට රස්සා අරමුදලින් කීයක් හරි දෙන්න කියලත් යෝජනා කරල...

ඊටපස්සේ ආණ්ඩුවෙ බලවත් කෙනෙක් කංකරු ඇමැති තැනට කිව්වලු. ඒ කියන ආධාරය දෙනකොට ප්‍රියන්තගෙ දිස්ත්‍රික්කෙ ඉන්න පොහොට්ටුවෙ ඇමැතිල දෙන්නත් එක්ක ගිහිල්ලම මුදල් පරිත්‍යාගය කරන්න කියල...

කොහොම හරි අත පාටියෙන් පත්වුණ කංකරු ලොක්ක රට රස්සා අරමුදලින් රුපියල් ලක්ෂ 25ක විතර මුදලක් ප්‍රියන්තගෙ පවුලෙ අයට දෙන්න ලෑස්ති කළා... ඒ වුණාට එයා සහ එයාගෙ රාජ්‍ය ඇමැති තැන මේ ආධාරය දෙන්න යන්නෙ තනියම කියල ආරංචියක් ගියා.... ඊට පස්සෙ තතු දත් කෙනෙක් ඇමැති තැනගෙන් ඒ කතාව ගැන ඇහුව. එතකොට එයා කිව්වෙ මෙහෙමයි.

“අයිසෙ මම ආණ්ඩුවට කිව්ව රජයේ අරමුදලින් මේකට ආධාරයක් දෙමු කියල... ඉතින් සල්ලි භාර ලොක්කො ඒකට බැහැ කියල අපේ අරමුදලින් ආධාරය දෙන්න කියල මට නියම කළා... ඉතින් අපේ අරමුදලින් සල්ලි දෙනකොට වෙන කපුවො එක්ක ගන්නෙ මොකටද... ඒ හින්දයි අපි ඒ කාටවත් නොකියා තනියම යන්න...” කියල උත්තර දීල ඔලොක්කුවට හිනාවකුත් දැම්මලු...

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00