2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

අලුත් ප්ලෑනක්

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 588

අත පාටියේ එකවරම උඩට එන්න හදන කෙනෙක් ගැන කට්ටිය ඇතුළේ එක එක කතාබහක් යනවා. ලොකු තැනට ලේ නෑකම් කියන මෙයාව වටෙන් ගොඩෙන් පක්ෂයේ උඩටම ගෙන්න යන වැඩේ ගැන ලොකු තැන ළඟ ඉන්න සමහර අය පවා විරුද්ධලු. එයා දැනට දිස්ත්‍රික්කයේ තරුණ වැඩබාරව හිටියට එයාට ඉදිරියේ ලංකාවෙම තරුණ වැඩටික බාරදෙන්න හදන බව එහෙන් මෙහෙන් ඉඟි කෙරුන නිසයි හැමෝටම මේ අවුල ගැන දැනිල තියෙන්නේ.

පවුල් ක්‍රමයට තවත් පක්ෂය ගෙන යා යුතු නෑ කියලා හිතන පිරිසක් මේ වැඩේට එරෙහිව පොඩි වැඩ කිහිපයකුත් ලෑස්ති කරලලු තියෙන්නේ. ඒ අනුව එයාලගේ පක්ෂයේ ලොකු කට්ටිය එකතු වුණ වෙලාවක තරුණ වැඩ බලන්න වෙන කෙනෙක් යෝජනා කරන්නලු හදන්නේ. ඒ යෝජනාවට අනුව අර ලේ ඥාතියා එන මග අහුරන්න තමයිලු මේ ප්ලෑන් එක.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00