2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

වෙලාව එනකම්!

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 806

අත පාටියේ ලොකුම කෙනෙක් පුදුම අවුලකින්ලු මේ දවස්වල ඉන්නේ. තමන්ම අත දුන්න කණ්ඩායමේ අය තමන්ට ප්‍රහාර එල්ල කිරීම ගැන එයා ඉන්නේ සෑහෙන තරහකින්ලු. මේ නිසා සමහර අය මෙයාව සමථයකට පත් කරන්න ආණ්ඩුවේ උඩ අතුදෙක ගාවට එක්ක යන්නත් ලෑස්ති වුණාලු. ඒ සියල්ල ප්‍රතික්ෂේප කරපු මෙයා දැන් ඉන්නේ “ගැහුවොත් ගහනවා” කියන න්‍යායෙලු. මේ බව ළඟම අයටත් එදා පාර්ලිමේන්තු කතාවෙන් පස්සේ කිව්වලු.

සමහර අය ඇහුවලු “සර් අපි මොකද කරන්නේ” කියලා. එතකොට මෙයා කිව්වේ “කලබල වෙන්න එපා අපි බලමුකෝ වෙලාව එනකල්” කියලලු. වෙලාව මොකක්ද කියලා ගොඩක් අය දන්නේ නෑලු. මේ නිසා අත පාටියේ ලොකු තැනගේ මේ හොඳ වෙලාව එනකල් කට්ටිය බලාගෙනලු ඉන්නේ. කොහොම වුණත් ආණ්ඩුවෙන් අයින් වෙන්න කියලා දැන් දැන් පක්ෂය ඇතුළෙන් එන යෝජනාත් වැඩිලු. 

 

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00