2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

දෙන්නෙක් ඇවිත් නැහැ

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 640

දුරකථන පාටියේ පහුගිය දවසක තිබුණු උද්ඝෝෂණය සාර්ථක වීම ගැන ඒ පක්ෂයේ හැමෝම ඉන්නේ සතුටෙන්. ඒ සතුට කට්ටිය සමරලත් තියෙනවා. ඒත් මේ උද්ඝෝෂණයට දෙන්නෙක් සහභාගී නොවීම ගැන කට්ටියක් ඉන්නේ ප්‍රශ්නයකින්ලු. මේ දෙන්නා මෙහෙම මඟ ඇරීම ගැන උඩ කට්ටිය දැනන් හිටියත් තවත් කට්ටියක් නොදැන සිටීම නිසා මේක දැන් කුතුහලයක් වෙලාලු.

මේ දෙන්නගෙන් එක්කෙනෙක් කන්ද උඩරට නායක මට්ටමේ කෙනෙක්ලු. දෙවැනිය කැලණිය පැත්තේ ෆීල්ඩ් එකේ ඉන්න අභිමානවත් පොරක්ලු. මේ දෙන්නම පක්ෂයේ ලොකු පොරවල් නිසා කට්ටියට ප්‍රශ්නය ලොකුවට දැනිලා කියලයි ආරංචිය. කොහොම වුණත් මේ ගැන හොයලා බලද්දි තමයිලු වැඩේ ආරංචිවෙලා තියෙන්නේ. මේ දෙන්නා තරමක් වයස නිසා තමන්ගේ සෞඛ්‍යය රැකගන්න ඕන නිසාත් කොරෝනා නිසා බයවෙලා ආවේ නෑලු. ඒක ඒ අය මුලදිම කිව්වලු. මේ නිසා කැලණියේ ෆීල්ඩ් එකේ ඉන්න කෙනා ඒ ළඟ නගරයක පුංචි විරෝධයට සම්බන්ධ වුණාලු. අරයා නම් ගෙයින් එළියටවත් බැස්සේ නෑ කියලයි ආරංචිය. 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00