2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

සන්ධාන අවුල!

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 519

ආණ්ඩුවේ ඉඳලා අලුත් සන්ධාන හදන්න ප්ලෑන් කරපු අත පාටියේ කට්ටියගේ වැඩේ ටිකක් අවුල් වෙලාලු. හේතුව පණ දෙන්න වගේ කතා කරපු ගොඩක් අය දැන් දැන් මග අරිනවා කියලයි ආරංචිය. සන්ධානය පටන්ගන්න අපි ඕන සපෝට් එකක් දෙන්නම්, අපිත් ඕකට එනවා කිව්ව ආණ්ඩුවේ නම් කියැවෙන සමහර පක්ෂ නායකයොත් වැඩේට ටික ටික මග අරිනවලු. මොකද ඒ අය බයයිලු අත පාටිය එක්ක ගිහින් තියෙන ටිකක් නැතිවෙයි කියලා. ඒ නිසාලු ඒ අය ටික ටික මග අරින්න පටන් ගත්තෙ. සමහර අයට අත පාටියේ අයම කේලම් කියලා කියලත් ආරංචියි.

කොහොම වුණත් වැඩේ ටිකක් කල්යන පාටක්ලු තියෙන්නේ. ඒත් ලේකම්‍තැන නම් වැඩේ අත්අරින්නේ නැතුව කොහොමහරි සන්ධානය හදන්න ප්ලෑන් කරන්නලු යන්නේ. මොකද ආණ්ඩුව දැන් කොහොමත් එයාලා එක්ක අවුල් නිසා. මේ නිසා ටික දෙනෙක් එක්ක හරි වැඩේ කරලා ආණ්ඩුවට බලය පෙන්නන්න හදන්නේ කියලයි කියන්නේ. ඒත් පක්ෂයේ ලොකු තැන නම් මේවා දැකලා ටිකක් තරහෙන් කියලත් ආරංචියි.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00