2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

සෙවණැල්ලට පහරදීම

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 637

ලබන ඡන්දයෙදී රටේ නායක සටනට ඉදිරිපත් වෙයි කියලා හිතපු කෙනෙක් ලබන පාර එන්නෙ නෑලු. එයා තීරණය කරලා තියෙන්නේ ඊළඟ වතාවේ එන්නලු. එයා හදන්නේ හැමෝටම 2024දීත් මරාගන්න ඉඩ තියලා ඔක්කොම විනාශ වුණාට පස්සේ කරළියට එන්නලු. එයා ඒක ළඟම හිතවතුන්ටත් කියපු බවයි ආරංචි. ඒක නොදැන සැකයට එයාලා ඉන්න පක්ෂ සන්ධානෙ අය මෙයාට විරුද්ධව අවි අමෝරලා ඉන්නවා.

නමුත් මෙයා ඊළඟ වතාවේ රටේ ලොකු පුටුවට පක්ෂයේම කට්ටියක් කඩාගෙන ඉදිරිපත් වෙයි කියලා සැකයක් තිබෙන අයත් දුරකතන පාටියෙ ඉන්නවා. මේ සැකය හින්දම පක්ෂයේ අය දැන් මෙයාට විරුද්ධව ලොකු කැම්පේන් එකක් යනවලු. ඒ විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් අලි පාටියේ අයවත් එකතු කරගන්නලු යන්නේ. සිංහල බෞද්ධ බලවේගය නියෝජනය කරන රෙදි බැනියම් අඳින උන්නැහේ දුරකතනෙන් කොළඹ නියෝජනය කරන කෙනෙක්.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00