2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

දෙකේ - හතරේ කෑම වේල්

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 779

රටේ මිනිස්සු වේල් දෙකක්  කාලා ඉන්න ඕන කියලා ආණ්ඩුවේ කුමාර සැප විඳින මන්ත්‍රී කෙනෙක් පහුගිය දවසක කිව්වලු. එයා කොළඹ දිසාවෙන් පත්වුණ මෙයට කලින් දුප්පතුන් නැති කිරීම භාරව හිටපු කෙනෙක්ලු. එහෙම කිව්ව නිසා එයාගේ කතාව රට වටේම පත්තරවලත් ගියාලු. මේක දැක්ක ආණ්ඩුවේ ලොකු ලොක්කොන්ට නහුතෙට තරහා ගිහින් උඩම උඩ තැන්වලට මේ ගැන දැනුම් දුන්න කියලයි ආරංචිය. මේකට උඩ අයට පුදුම කේන්තියක්ලු ආවේ. එක්කෙනෙක් කටට බ්‍රේක් නැති බූ......කියලත් බැන්නලු.

කොහොමහරි මෙයාට ආරංචි වුණාලු එයාට බාල්දිය පෙරළිලා කියලා. අන්තිමේ මෙයා බාල්දිය ඔළුව ඉඳලා පෙරළෙන්න කලින් කතාව වෙනස් කරන්න ප්‍රෙස් එකක් තියලා. ඒකේ වේල් ගාණ දෙගුණ කරලා කිව්වලු අපි කැමති රටේ මිනිස්සු වේල් හතරක්ම කනවා නම් කියලා. මේක දැක්ක ලොකු අයටත් හිනාලු. මොකද වේල් හතරක් කන්න ලෝකේ කොහෙවත් උපදෙස් දීලා නැති නිසා. 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00