2021 අගෝස්තු 21 වන සෙනසුරාදා

සංවේගයෙන් පිටවුණාලු

 2021 අගෝස්තු 21 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 617

කැබිනට් කුට්ටම ඇනුවට පස්සේ ඒ ගැන ඇමැති සයිස් දෙන්නෙක් හිටියෙ බොහොම දුකෙන්ලු.... එක්කෙනෙක් හැඬූ කඳුළින් හිටපු බවත් ආරංචියි.

මෙහෙම හැඬූ කඳුළින් හිටපු කෙනා නව තනතුර භාර ගන්න පෙර හිටපු ඇමැති කන්තෝරැවට ගිහිල්ලා අපූරු රජකතාවක් කාරිය කියලා එතන අයට සමුදුන්න....

ඊළඟට අලුත් ඇමැති තැන එන්නත් කළින් එතනින් පිටවෙලා යනකොට දොරටුව ළඟදි වැඩ භාරගන්න එන අලුත් ඇමැති තැන මුණගැහුණා.

මම කලින් එන්න හිටියෙ. හිටපු කන්තෝරුවෙ ඉන්වෙන්ට්‍රි බඩු භාරදෙන්න ඕන නිසා ටිකක් වෙලා ගියා යයි කියමින් නව ඇමැති තැන හිටපු ඇමැතිට සුබපැතුවා....

ඒ වෙනකොටත් ඉතාම හිතේ අමාරුවෙන් හිටිය හිටපු ඇමැති අලුත් ඇමැතිට මෙහෙම කිව්වලු...

“මම නම් ඉන්වෙන්ට්‍රි දෙන්නෙත් නැහැ. වාහන දෙන්නෙත් නැහැ. ඒවා සේරම මම ගෙනියනවා. තමුන්නාන්සේ ඒව මැනේජ් කරගන්න....

එහෙම කියපු හිටපු ඇමැති දුවලා වගේ ගිහිල්ලා තමන්ගෙ නිල රථයට නැගලා වේගෙන් පිටවෙලා යන්න ගියා... එයාට තිබුණ ලොකුම හිතේ අමාරුව එයාට මුකුත්ම නොකියා තනතුර මාරු කිරීම කියලත් සමීපතමයන්ට කියල තිබුණා....

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00