2021 ජුලි 17 වන සෙනසුරාදා

හැංගිමුත්තම්කරු

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 510

අලුත් මුදල් ඇමැතිතුමාට දියවන්නාවට එන්න මන්ත්‍රිකම දන්දෙන්න කියපු ජාතික මට්ටමේ ලැයිස්තු මහත්තයෙක් ඒ ගැන කතා කර කර ඉඳල එකපාරටම අතුරුදන් වුණාලු.

පණිවිඩකාරයෝ ගණනාවක් එයා හොයාගෙන ගියත් උන්නැහේ සොයාගන්න බැරිවුණා.

මුලින් තමන්ගේ පක්ෂයේ නිර්මාතෘවරයා වෙනුවෙන් ඕන වෙලාවක අස්වෙනවය කියූ මුන්නැහේ අන්තිමේදී මෙහෙම කළේ එයා ඉල්ලපු රටේ මුදල් පාලනේ ඉහළම තනතුර ආණ්ඩුව විසින් දෙන්න සූදානම් නොවූ නිසා කියලයි තතු දත් අය කියන්නෙ....

කොහොම නමුත් මෙයා දැන් එතැන ඉහළ මණ්ඩලේ අයගෙ කැපිල්ලට භාජනය වෙමින් සිටින බවත් ආරංචියි.

නමුත් ඒ බව නොපෙන්වා දැන් හැමතැනදිම ඉස්සරහට පැනල අලුත් මුදල් ඇමැතිතුමා වෙනුවෙන් නොයෙක් නොයෙක් ප්‍රකාශ කරන්න පටන් අරන්.... මේ වර්ගයේම තවත් දෙතුන් දෙනෙක් එතැන හිටියට කවුරුවත් හැංගුණේ නැති නිසා මෙයාගේ හැංගිමුත්තම් සෙල්ලම නැගලම ගියා....

මේ හැංගිමුත්තම්කරු ලොකුම නුවරක ආසන සංවිධායකකමකුත් දරන “බණ්ඩාර” නායකයෙක් කියලා සමහරු කියනවා.

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00