භාවනාව නීතිගත කරන්න යන එක්තරා දෙපාර්තමේන්තුවක ලොක්කෙක් හැමදාම උදේ තමන්ගෙ කන්තෝරුවෙ හැමදෙනාම පැය ¼ භාවනා කරන්න කියල නියෝග පනවලලු.
පහුගිය දවසක තමන්ගෙ කන්තෝරුවෙ සුළු සේවකයකුට වෙලාවට භාවනා කරගන්න බැරිවුණ කියල මාර පෝරියල් එකක් දැම්ම කියලත් කියනව.
මේකෙ පුදුම වැඩේ කියන්නෙ භාවනා ක්‍රම ගැන නොදන්න වෙනත් ආගම්වල අයටත් භාවනා කරන්න කියන එකලු. උන්නැහේ කියන විදියට ඒක නොකළොත් එයාට මලපැනල ධර්මය අධර්මය කරනව කියල මේ දෙපාර්තමේන්තුවෙ අය කියනව.
ඒ නිසා විශාල පීඩාවකට පත්වෙලා ඉන්න කිහිපදෙනෙක් ළඟදි මේ ගැන මූලික අයිතිවාසිකම් කේස් එකක් ගේන්නලු යන්නෙ... ඒකට රටේ ආරස්සාවටත් වගකියන මේ දෙපාර්තමේන්තුවෙ ලොකු ලොක්කො හුඟක් තිරය පිටුපස්සෙ ඉඳගෙන සපෝට් කරනව කියල ආරංචියක් ලැබෙනව.