2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

ඇතුල් කට්ටලේ ගෝරි

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 451

පංචායුධගෙ පාටියෙ ඇතුල් කට්ටලේ ගෝරි කියල ආරංචියි... මේ සේරටම හේතුව පංචායුධ උන්නැහේ කාගේවත් උපදෙස් ගන්නෙ නැතුව හදිස්සියට කළ උපවාසයෙලු.

එච්චර විතරක් නොවේ ඇතුළෙ ගන්න තීන්දුවලට අනවශ්‍ය ඇඟිලි ගැහිම් වෙන එකත් වලියට හේතුවක් කියනව. 

පක්ෂයෙ මන්ත්‍රීවරු ස්වාධීන වෙන්න ඕන කියල ගත්ත තීන්දුව නිසා මන්ත්‍රි තනතුරු සම්බන්ධයෙන් අලුත් නීති ප්‍රශ්නයකුත් ඇතිවෙලා තියන බවටත් තොරතුරු වාර්තා වෙනවා. ඉතින් මේ හුටපට නිසා පංචායුධතුමාගෙ පක්ෂයෙ ඉරිතැලීමක් වෙලාලු.

ඉරිතැලීම කොච්චරද කියනවානම් ඒ පක්ෂයෙන් මන්තිරි පට්ටම්වලට පත්වුණ රජරට පළාතෙ ලොක්කෙකුයි රටේ ඉහළම මන්දිරේකට ගිහිල්ල ලොකු මහත්තයෙක් හම්බුවෙලා දීර්ඝ සාකච්ඡාවක් කළාය කියලත් ආරංචියි. දියවන්නා කවුන්සිලේ දැනට නැති කලින් හිටපු මුසාතුමා විජේතුමා එහෙමත් පංචායුධ එක්ක ටිකක් නොරොක් වෙලාලු ඉන්නෙ...

ඉතින් මේ අල්ල පනල්ලෙ තවත් කස්ටියක් බොරදියෙ මාළු බාන්න යනවය කියලත් තතු දත් අය කියනව.