2021 අප්‍රේල් 11 වන ඉරිදා

බලවත් පුත්තු තුන්දෙනෙක්

 2021 අප්‍රේල් 11 වන ඉරිදා, පෙ.ව. 11:37 730

ආණ්ඩුවෙ කාකි සූට් දෙපාර්තමේන්තුවෙ ලොකු ලොකු වැඩකරන බරපතළ තීරණ ගන්න පුතාල තුන්දෙනෙක් ඉන්නවලු....
මේ කතාව කියන්නෙ අපි නෙවෙයි ඒ දෙපාර්තමේන්තුවෙම ඉන්න පොඩ්ඩො....

එක කෙනෙක් කළු පුතාලු. අනෙක සුදු පුතාලු. තව ඉන්නවලු වෙද පුතෙක්. මේ පුත්තු තුන්දෙනා ඔය කියන දෙපාර්තමේන්තුවෙ බලවතුන් කියල තතු දත් අය කියනව...

මෙයින් කනිෂ්ඨයෙක් වන එක පුතෙක් දෙපාර්තමේන්තුවෙ ඉහළම පුටුවල ඉන්න අයටත් ලිඛිත නියමයත් එහෙම කරනවලු. පත්වීම් මාරුවීම් එහෙම දෙන්නත් උන්නැහේ දස්සලු. මේ පුත්තු තුන් දෙනාගෙන් බලවත්ම පුතා එයාලු... එයා එච්චර බලවත් වෙන්න හේතුව එයාට ලොකු දේශපාලන ගැම්මක් තිබීමයි කියලත් ආරංචියි.

ඔය දෙපාර්තමේන්තුවෙ කලින් කලට ඔය වගේ චරිත මතුවෙනව. හැබැයි දේශපාලන හැරමිටියෙන් යන්න හදන උදවිය මීට කලින් නම් ඒ තරම් දුර ගියේ නැතිලු....