2021 අප්‍රේල් 11 වන ඉරිදා

සද්ද නැතුව ඉන්නලු

 2021 අප්‍රේල් 11 වන ඉරිදා, පෙ.ව. 11:32 558

රටේ හිටපු ලොකු තැනට පාස්කු දවසේ කතෝලික සභාවෙ ඉහළින් දෙහිකපපු එක ගැන ප්‍රශ්නයක් ඇති වෙලාලු. මේක නුසුදුසු ප්‍රකාශයක් කියලා බෞද්ධ සංවිධාන කීපයක ලොකු හාමුදුරුවරු වගයක් කතාවෙලා. ඒ ප්‍රකාශයට විරුද්ධව අදහස් දක්වන්න ඒ හාමුදුරුවරු පෙළගැහිලා ඉන්න එක ගැන හිටපු ලොකු තැනටත් ආරංචි වෙලාලු. එයා ඒක අහපු ගමන් ඒ හාමුදුරුවරුන්ට පණිවිඩයක් යැව්වලු ඒ වැඩේ කරන්න එපා කියලා.

තමන්ට බැන්නට ඒවා වැඩිය හිතන්නේ නැති බවත් ඒවට නිසි වෙලාවට තමා උත්තර දෙන බවත් එයා හාමුදුරුවරුන්ට දැනුම් දුන්නලු. කොහොම වුණත් මේ සිද්ධිය ගැන කිසිම වචනයක් පක්ෂයේ අයට කතා කරන්න එපා කියලලු කියලා තියෙන්නේ. එයා මොකක්ද කරන්න යන්නේ කියලා කට්ටියට ප්‍රශ්නයක් වුණත් එයාගේ නිශ්ශබ්දතාවය හැමෝටම සැකයිලු.