2021 මාර්තු 13 වන සෙනසුරාදා

සමාව එපාලු

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 687

දුරකථන පාටියේ පහුගිය දවසක රැස්වීමක් තිබ්බලු. මේකෙදී කට්ටිය ප්‍රශ්න ගොඩක් කතා කළාලු. එතනදී ආපු ලොකුම ප්‍රශ්නය තමයිලු නළු මන්ත්‍රීතුමා සිරගත වීමේ සිද්ධිය. මේකට මොකක් හරි කරන්න ඕන කියලා කට්ටියක් කිව්වා.

එතන හිටියේ ලොකු කට්ටිය කිව්වලු අපි රටේ ලොකු තැනගෙන් සමාවක් ඉල්ලගමු කියලා. ඒකට කීප දෙනෙකුත් හා කියලා සහතික කරලා. එහෙම කියන්න හේතුව නළු මන්ත්‍රීතුමත් ඉක්මනින් එළියට එන්න බලාගෙන ඉන්න නිසාලු.

වැඩේ මෙහෙම කතාකරගෙන යද්දී කට්ටියක් විරුද්ධ වුණාලු සමාව ගන්න. ඒකට හේතුව ඒ අය කියලා තියෙන්නේ එහෙම ලොකුතැන ඉස්සරහ වැඳවැටෙන්න ඕන නෑ කියලා. මේකට තරහා ගිය ලොකු ඈයෝ කිව්වලු “තමුන්නැහැලා එහෙම කිව්වට එතුමා දුක් විඳිනවා හොඳටම, එහෙම කමක් නැත්තන් කතා කරන්න ඕන නෑ” කියලා. අන්තිමේ ලොකුතැනගෙන් සමාව ඉල්ලන එකත් විසිවුණාලු කට්ටියගේ විරුද්ධත්වය මැද.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00