2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

නෝනලා දෙන්නෙක්ගෙ වැඩකිඩ

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 883

කොරෝනාවට බේත් විදින වැඩේ අප්සෙට් කරපු නෝනල දෙන්නෙක් ඉන්නවලු... ඒ දෙන්න ඒ දෙන්නට ඕන ඕන අයට මේ බෙහෙත දෙන්න ගිහිල්ල වැඩේ අල කරගෙන කියලයි තතු දත් අය කියන්නෙ.

මෙයින් එක නෝන කෙනෙක් ඉන්නෙ කොළඹ. කොළඹ ලොකුම පුටුවක වාඩිවෙලා ඉන්න මේ ලස්සන නෝනා දෙන ලැයිස්තුවට බේත් විදින්න කියලයි කියලා එයාගෙම ළඟ ඉන්න අය කියනවා.

අනිත් නෝන මහත්තයා ඉන්නෙ මීගමු පැත්තෙ. ඒ නෝනත් තමන්ගෙ බලතල පාවිච්චි කරලා ඒ පළාතට එන්නත් අරන් ගිහිල්ලා එයාගෙ ලැයිස්තුවට බේත් විදින්න කියලලු. ඒ මීගමු නෝන මේ බේත් විදින වැඩේ ගැන නිල බල තියෙන නෝන කෙනෙක් හින්ද වැඩේ භාර නිලධාරිනුත් ඔලුව නවාගෙන වැඩ කරනවලු.

කොහොමහරි මේ නෝනලගෙ වැඩ ගැන රටේ මහ කන්තෝරුවටත් වාර්තාවෙලා. එන්නත ලබාගන්න හිටපු මිනිස්සුත් කලබලවෙලා පැමිණිලිත් කරලා. ඒ පාර ඒ දෙන්නට දැන් ඔය කරන සවුත්තු වැඩේ වහාම නවත්තන්න කියල නියෝග ලැබිලලු...

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00