2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

දේශපාලන අවන්හලක්

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1159

මන්ත්‍රී කෙනෙක්, මහ ඇමැති කෙනෙක් වගේම ආණ්ඩුකාරයෙක් හැටියටත් කාලයක් හිටපු ටිකක් තරුණ දේශපාලුතුමෙක් පසුගිය මහ ඡන්දෙන් දියවන්නාවට තේරුණේ නැහැ.

ඔහු තරග කරපු දිසාවෙන්ම තරග කළ ඔහුගේ දේශපාලන ගුරා එක්ක තිබුණ හුටපටයක් නිසා එයාට ඡන්දෙන් සළුවෙන්න ඉඩදුන්නෙ නැහැ කියල එයා තැන් තැන්වල කියලත් තිබුණා. කලක් රටේ ලොකු දේශපාලන පුටුවක් භාරව හිටිය මේ දේශපාලන “ගුරුතුමා” නිසා ඡන්දෙන් පැරදුණු හිටපු ආණ්ඩුකාරතුමා දැන් අලුත් වැඩකට අත ගහලලු. ඒ දේශපාලනයට නෙවෙයි. උන්නැහේ රටපුරා ඉහළ මට්ටමේ “අවන්හල්” ජාලයක් පටන් ගන්නලු යන්නෙ. ඒකෙ මුල්ම අවන්හල පසුගියදාක පුලතිසි පුරේ පැත්තෙ පටන්ගත්ත බවත් ආරංචියි.

ඊටපස්සෙ නුවර පැත්තෙ, රුහුණෙ, වයඹ වගේ හැම පළාතකම මුන්නැහේගෙ අවන්හල් ජාලය ව්‍යාප්ත කරනවලු....
ඊටත් පස්සෙ තමන්ගෙ දේශපාලන “ගුරා” සමඟ කළ දේශපාලනයට සමුදීල එයා පොහොට්ටුව පැත්තට පිම්මක් පනින්න ලෑස්තිවෙනව කියලත් ආරංචියි.