2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

පැරදිලා ඉන්න පුරුදු වෙන්නලු

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 537

නැගෙනහිර ආණ්ඩුකාරකම ඉතා හොඳින් කරගෙන යන නෝනා ගැන එහේ හැමෝම හරිම ආදරෙන්ලු ඉන්නේ. එයාට එහේ අය විතරක් නෙමෙයි රටේ ඉහළ තැන්වලිනුත් ඇගයීම් ලැබිලා. හැබැයි මේක දැකලා අප්සෙට් වෙච්ච කෙනෙක් ඉන්නවලු. ඒ තමයි ඔය නැගෙනහිරෙන් මහ ඡන්දයට ඉල්ලලා පැරදුණු එක්තරා නිලමේ කෙනෙක්. මෙයා මේ පට්ටමට ආසාවෙලා රටේ දෙවැනියා හම්බවෙලා මේ තනතුර ඉල්ලන්න ගියාලු. තමන්ගෙ සුදුසුකම් පළපුරුද්ද වගේම තවත් නොයෙක් දේවල් කිව්වලු. ඒ ලොකු තැන මේ සියල්ල අහගෙන ඉඳලා අන්තිමේ මෙහෙම කතාවක් කිව්වලු.

“පැරදිලා මමත් අවුරුදු පහක් හිටියේ. ඔයාලත් ඉන්න පුරුදු වෙන්න කියලා.” ඒකෙන් පස්සේ මෙයාගේ හීනේ දැන් බොඳ වෙලාලු.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00