2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

බොරු කැම්පස් උපාධිය

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 597

මේ ළඟකදී රටේ එක එක දෙපාර්තමේන්තුවල ඉන්න උසස් ප්‍රසිද්ධ චරිතවලට ඇමරිකාවේ කැම්පස් එකකින් ආචාර්ය පට්ටම් දුන්නලු. ඒ අතර හිටපු ජනප්‍රිය කාකි සූට් දෙපාර්තමේන්තුවෙ ප්‍රකාශක කෙනකුයි, හිරගෙදර ජනප්‍රිය ලොක්කකුත් හිටියලු. මේ පට්ටම දුන්නේ රටේ මහ පුටු සටනට ඇවිත් සටනට ඉදිරිපත් වුණු ලංකාවේ ණය එක රැයින් ගෙවන බව කිව්ව කෙනෙක්ලු.                      

කොහොම හරි මේක මුහුණුපොතේ පත්තු වෙන්න ගත්තම මේක දැක්ක ඇමරිකාවේ ලංකාවේ අය කිහිප දෙනෙක් මේ ගැන හොයලා බලලා මෙහෙම කැම්පස් එකක් ඇමරිකාවේ නැති බව ලියන්න ගත්තලු. මේක හැමතැනම යන්න ගත්තම අර ආරාධිත ජනාධිපති අපේක්ෂකයා ෆේස් බුකියේ දැම්මලු &මම ගියේ ආරාධනාවකට අනුව මිසක් මේක මගේ කැම්පස් එකක් නෙමෙයි* කියලා. වැඩේ කොහොමහරි එහේ මෙහේ වෙන්න ගත්තම පොලීසියේ උඩ අයගේ පොඩි ඇයි හොඳයියක් නැති ප්‍රශ්නයක් නිසා මේ ගැන දැන් පරීක්ෂණ පටන් අරන්. ඒ බස්නාහිර පළාතේ ලොක්කකුගේ අණින්ලු. අපි මුලින්ම කීව ප්‍රකාශකතුමත් ඒ ලොක්කත් අතරත් වැඩිය ඇයි හොඳයියක් නැති නිසා මේ පරීක්ෂණය අමුතු වැඩක් කියලලු පොලීසියේ අය කතා වෙන්නේ.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00