2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

ළකුණු මාරුවක් වෙන හැඩ

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 538

අලුත් පාරක් හොයන් ගිය මාලිමා සහෝදරවරුන්‍ට හිටිය තැනිනුත් පල්ලෙහා වැටීම සම්බන්ධයෙන් පුදුම චෝදනාවක් හැමෝම දාන්නේ. ගොඩක්ම දැන් පරණ සීනුවේ හාදයො ටිකලු බණින්නේ. මේ ලකුණ මාරැ කළ විපාකේ කියලලු කියන්නේ. 

ඊළඟ පළා බබා සටනට අනිවාර්යයෙන්ම සීනුව සද්දෙන් එන්නම ඕන කියලා හැමෝම කියනවා කියලයි ආරංචිය. ඒ නිසා පක්ෂය නැවත සුපුරුදු සීනුව සද්දෙට හැරෙන්න කුමාර සහෝදරයා තීරණය කරලා තියෙනවා කියලයි ඇතුළේ සහෝදරයෝ කියන්නේ. එහෙම නැතුව තවත් වෙන වෙන ලකුණුවලින් ආවොත් ඉතිරියත් සීයට එකට බහි කියලා හැමෝගෙම ගෝරණාඩුලු.

මේ වැඩේ තදින්ම ඉන්නේ පක්ෂයේ ලේකම් සහෝදරයයි, කාන්ත සහෝදරයයිලු. එයාලා නම් කැමැතිම අර පරණ සද්දෙට කියලයි ඇතුළෙන් එන ආරංචිවල හැටියට තියෙන්නේ. ඒත් ඒක එළිපිට නොකියා ඇතුළේ කතාවෙනවා කියලයි කියවෙන්නෙ.