2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

වම දකුණ මාරුවෙලා

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 394

දියවන්නා කවුන්සිලේ හිටපු වාමාංශික පතාක යෝධයෙක් වුණු හිටපු කැබිනට් ඇමැති සයිස් මහත්තයෙක්ට කාලයාගේ ඇවෑමෙන් දේශපාලනේට සමුදෙන්න සිද්ධ වුණා...

1970 කවුන්සිලේට සබරගමුව පළාතෙ දිසාවකින් පත්වුණු මුන්නැහේ දියවන්නා කවුන්සිලේට ආපු මහත්තුරුන්ට මාඕ සේතුංගෙ උඩුකය කමිසය මුලින්ම අඳින්න පුරුදු කළ පුරෝගාමී දේශපාලන භවතා බවටත් ඉතිහාස පොතේ තියෙනවා...

අනේ ඉතින් උන්නැහේ අද වියපත් වුණත් සරල චාම් ජීවිතයක් ගෙවනවා. යන්නෙ මේ රටේ තියෙන ලාභම පුංචි කාර් එකේ... ඒත් මේ හිටපු ඇමැති උන්නැහේ දැන් කරන රස්සාව ගැන ඇහුවම ටිකත් පුදුමත් හිතෙනවා...

ඒ රස්සාව තමයි සජිත් පිලේ මන්ත්‍රී කෙනෙක්ගෙ සම්බන්ධීකරණ ලේකම්කම... මන්තිරිතුමා එන්න කලින් ඡන්ද රැස්වීම්වල කාලය ගත කරන්න කරන කතාවත් මුන්නැහේට තමයි පැවරිලා තිබුණෙ...

අවුරුදු තිහකට වැඩි කාලයක් දියවන්නාවෙ හිටපු සෙනෙවි-රත්නයක් වන් මේ වාමාංශික පතාක යෝධයගෙ දූ පුතුන් තානාපති පට්ටම් එහෙමත් දරාපු අය.

ඒ වුණත් උන්නැහේ අද ටැලිෆෝන් එකේ සාමාන්‍ය කවුන්සිල් මන්ත්‍රී කෙනකුගෙ පඩියට වැඩ කරන සේවකයෙක්. ඔන්න ඔහොමයි උන්නැහේට වම දකුණ මාරැ වුණේ.

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00