2020 ජුනි 20 වන සෙනසුරාදා

යට ගේමක්

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 493

අලි පාටියෙ රැස්වීම් කිහිපයක් තැන් තැන්වල පොඩියට ලෑස්ති කරලා. සමහර තැන්වලට අලි පාටියේ උඩ කට්ටියක් එන්නලු ප්ලෑන් කළෙත්. එහෙම ඇවිත් තෙල් බෙදලා ඡන්ද ගන්න. මේ ඔක්කොම ප්ලෑන් කරලා තියෙනකොට අලි පාටියේ කෝට්ටේ මූලස්ථානයට පණිවිඩයක් ආවා. රහසිගත එකක්.

සර්ලට කොහෙවත් යන්න එපා කියන්න. අර පැත්තේ කට්ටියක් තැන් තැන්වල වැඩේ අල කරන්න යනවා* කියලලු ඒ පණිවුඩේ තිබුණෙ‍.

පස්සේ මේ අල වැඩේ ඇත්තද කියලා හොයලා කතාව බලද්දි ඇත්තලු. එහෙම අලි පාටියේ ලොක්කෝ එන රැස්වීම්වලට ෆෝන් එකේ කට්ටිය බැහැලා අල කරන්නලු ප්ලෑන් එක. මේ නිසා දැන් කීප දෙනෙක් කැම්පේන්වලට නොයා ඉන්නවා වගේම අලි පාටි මූලස්ථානයේ රුස්වීමුත් නැතිලු.

මෙහෙම වෙන්න මුල් වූ ලොකුම කෙනා කරැණාවට බර නායකයෙක්ලු. එයා නිසා ආණ්ඩුව පෙරළුණා කියන එකයි තිබෙන චෝදනාව. එයාට මෙහේ එන්න අවසර නෑ කියලා බාල්දි පෙරළන්නලු හදන්නේ. ඒ නිසා ඉදිරියේ පක්ෂයේ ඉහළම කස්ටිය පවා හම්බවෙන්නේ අපේක්ෂකයෝ විතරලු.

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00